ලංකා ප්‍රීමියර් ලීග් වෙන්දේසියට සියල්ල සූදානම්.. -
News

ලංකා ප්‍රීමියර් ලීග් වෙන්දේසියට සියල්ල සූදානම්..

එළඹෙන 2024 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන මැයි 21 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත අතර මෙරට ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන දෙවන වතාව මෙයයි.

LPL වෙන්දේසියට අදාළ කරුණු මෙන්න ⏬

1. 2023 LPL වෙන්දේසියේ වෙන්දේසිකරුවා වූ චාරු ශර්මා විසින් මෙවර LPL වෙන්දේසියද සිදුකිරීමට නියමිතයි.

      2. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට අනුව ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වන අතර ඉතිරි 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් බවයි.

      3. LPL තරඟාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 600කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටි නමුත් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 450 කට ආසන්න ප්‍රමාණයක් පමණක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව LPL තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

      4. ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රිකට් සමාජවල නම් 40 ක් සමඟ දේශීය ක්‍රීඩකයින් 140 දෙනෙකුගේ නම් ලැයිස්තුවක්ද ලබා දී තිබෙනවා.

      5. ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම්වල හිමිකරුවන් වෙනස් වී ඇති අතර මහනුවර කණ්ඩායමද හිමිකාරිත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් පසුවෙනවා.

      6. ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමට ක්‍රීඩකයින් හයදෙනෙකු එකකර ගැනීමට අවසර දී තිබෙනවා.

      7. ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වැය කිරීමට හැකි අතර සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් සහ ක්‍රීඩකයින් කණ්ඩායමේ රඳවාගැනීමට වැයවන මුදල එම මුදලින් අඩුකර ඉතිරි මුදල් වෙන්දේසියේදී භාවීතා කිරීමට හැකියාව තිබෙනවා.

      Link to WhatsApp group

      Leave a Reply

      Your email address will not be published. Required fields are marked *

      Back to top button