T20 ලෝක කුසලානයේ පෙර පුහුණු තරඟ සඳහා කාළසටහන නිකුත් වෙයි. -
News

T20 ලෝක කුසලානයේ පෙර පුහුණු තරඟ සඳහා කාළසටහන නිකුත් වෙයි.

2024, රටවල් 20ක් ක්‍රීඩා කරන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජුනි මස 2 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, තරඟාවලියේ පෙර පුහුණු තරඟ සඳහා කාළ සටහන නිකුකර තිබෙනවා.

රටවල් 20න් 16ක්ම තවත් රටක් සමඟින් පුහුණු තරඟ ක්‍රීඩා කරන අතර, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සංචිතයේ ක්‍රීඩකයින් සමඟින් තරඟයක් ක්‍රීඩා කරන අතර, එංගලන්ත, පකිස්තානය හා නවසීලන්තය සඳහා පුහුණු තරඟ ලබාදී නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම, නෙදර්ලන්ත හා අයර්ලන්තය සමඟින් පුහුණු තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පලමු තරඟය, නෙදර්ලන්ත කණ්ඩායම සමඟින් – මැයි මස 28 වන දින. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට.

දෙවන පුහුණු තරඟය , අයර්ලන්තය සමඟින් – මැයි මස 31 වන දින. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button