මගේ රටට ක්‍රීඩා කරන්න කියලා මම දුවගෙන් ඉල්ලීමක් කළා – TM ඩිල්ශාන් -
Conference

මගේ රටට ක්‍රීඩා කරන්න කියලා මම දුවගෙන් ඉල්ලීමක් කළා – TM ඩිල්ශාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන තිලකරත්න ඩිල්ශාන්ගේ වැඩිමල් දුව, ලිමන්සා තිලකරත්න මේ දින වල ශ්‍රී ලංකාවේ අවුරුදු 23න් පහළ කාන්තා නැශනල් ලීග් තරඟාවලිය ක්‍රීඩාකරනවා.

ලිමන්සා තිලකරත්න කුඩා කළ සිට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කළ අතර, තමාගේ රට වන ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන ලෙස තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ දුවගෙන් ඉල්ලීමක් කළ බව ඩිල්ශාන් ප්‍රකාශ කර සිටියා.

“මම මගේ රටට හැමදාමත් ආදරේ කළා. මම ක්‍රීඩා කරද්දී හැමවෙලාවෙම 200%ක් රට වෙනුවෙන් ලබාදුන්නා. රට වෙනුවෙන් ජයග්‍රහණ රාශියක් ගෙන දෙන්නත් මට පුලුවන් වුණා. ඉතින් මගේ දුව, මම වගේම මගේ රටට දෙයක් කරන්න පුලුවන්නම් මම ගොඩක් කැමති.

අපේ රටේ නැවතිලා අපේ රටට ක්‍රීඩා කරන්න උත්සහ කරමු, කියලා මම දුවගෙන් ඉල්ලීමක් කළා. Tournament එකක් තියනවා ඒක ක්‍රීඩා කරමු කිව්වාම, එයා එක පයින්ම කැමති වුණා.

මේ වන කොට අපිට තියන එකම බාධාව එයාගේ ඉගනීම. මේ වන විට අපි පාසල එක්ක කතා කරගෙන ඔන්ලයින් ඒ කටයුතු කරගෙන යනවා. එයාට තව ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා. කවදාහරි අපේ රට වෙනුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන්න ලැබුණොත්, මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන කොට ලැබුණු සතුට වගේම සතුටක් ලැබේයි කියලා හිතනවා. – තිලකරත්න ඩිල්ශාන්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button