මතීශගේ අඩුව ලොකු පාඩුවක් වුණා – ගයික්වාඩ් -
Conference

මතීශගේ අඩුව ලොකු පාඩුවක් වුණා – ගයික්වාඩ්

චෙන්නායි සහ බැංගලෝර් අතර තරඟය ඊයේ පැවැත්වුණු (18) අතර උණුසුම් තරඟයකින් අනතුරුව චෙන්නායි පරාජය කරමින් බැංගලෝර් කණ්ඩායම Paly-Offs වටයට සුදුසුකම් ලබාගත් අතර චෙන්නායි කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

තරඟයෙන් අනතුරුව චෙන්නායි නායක රුටුරාජ් ගයික්වාඩ් පවසා සිටියේ මතීශ සහ මුශ්ටෆිශුර් ආබාධවලට ලක්වීම සිය කණ්ඩායමට විශාල පාඩුවක් වූ බවයි.

ගයික්වාඩ් තරඟයෙන් අනතුරුව දැක්වූ අදහස් පහතින්

” මේක දඟපන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවිය හැකි දඟකැවෙන හොඳ කඩුල්ලක්. සාරාංශයක් විදිහට ගත්තොත් මේ තරඟවාරය ගැන සතුටුයි. කොන්වේ නොමැති වීම සහ පතිරණ සහ මුශ්ටෆිශුර් ආබාධ වලට ලක්වීම නිසා කණ්ඩායම සමබර කරන එක ගොඩක්ම අමාරු වුණා. මේවා සිද්ද වෙන්න පුළුවන් දේවල්. මට පුද්ගලික ජයග්‍රහණ වැදගත් නෑ. වැදගත් වෙන්නෙ අවසන් ජයග්‍රහණයයි. එය කිරීමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වෙනවා. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button