සමුගන්නා බවට පැතිර යන කතා අසත්‍යයි – මැතිව්ස් -
All News

සමුගන්නා බවට පැතිර යන කතා අසත්‍යයි – මැතිව්ස්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනේම නායකත්වය දැරූ ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් සීමිත පන්දුවාර තරඟ වලින් සමුගැනීමට සැරසෙන බව නිව්ස් වෙබ්අඩවියක් වන Daily mirror වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එම ක්‍රීඩකයා ලෝක කුසලානය අවසානයේ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත සංක්‍රමණය වීමට සූදානමින් පසුවන බවත් ඔහු මේ වනවිට මෙල්බර්න්හි නිවාස කිහිපයක් මිලදී ගෙන ඇති අතර ඔහු සිය පවුල සමඟ එහි පදිංචි වීමට නියමිත බවද Daily Mirror වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබුනා.

මෙම පුවත පලවීමත් සමඟින් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව සමුගැනීමට නියමිත බවට කතාබහක් නිර්මාණය වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සමාජ මධ්‍ය තුළ මේ පිළිබඳව විවිධ මත පළකර තිබූ අතර, මෙම කතාව සම්පූර්ණ අසත්‍යක් බව ඇන්ජලෝ මැතිව්ස් තහවුරු කර තිබෙනවා.

ඒ ප්‍රේක්ශකයින් කිහිපදෙනෙක් සහ ක්‍රීඩා මාද්‍යවේදීන් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් මෙ පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්. මැතිව්ස් එහිදී මෙය සම්පූර්ණ අසත්‍යක් බව තහවුරු කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button