LPL ඉතිහාසයේ ඉහළම වටිනාකම මතීශ පතිරණට.. -
LeagueLPL

LPL ඉතිහාසයේ ඉහළම වටිනාකම මතීශ පතිරණට..

2024 LPL තරඟාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය අද සාර්ථකව නිමාවුණා. විවිධ වර්ගීකරණ යටතේ ක්‍රීඩකයින් 400 කට ආසන්න ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර එහිදී ක්‍රීඩකයින් 84 දෙනෙකු කණ්ඩායම් පහ විසින් මිලදී ගනු ලැබුවා.

එදාමෙදාතුර LPL වෙන්දේසියකදී ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම වටිනාකම මතීශ පතිරණට හිමිවුණේ ඔහුව Colombo Strikers කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 120,000 කට මිලදි ගැනීමත් සමඟින්.

මෙවර වෙන්දේසියේ දෙවන ඉහළව ලංසුව වාර්තා කිරීමට ඉසුරු උදාන සමත්වුණා. ඔහුව ගෝල් මාර්වල්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 100,000 කට මිලදී ගත්තා. හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානකද වාර්තාගත මුදලකට අලෙවි වුණා. දසුන් ශානකව ඇමෙරිකානු ඩොලර් 85,000 ක මුදලකට මිලදී ගත්තේ බී-ලව් කැන්ඩි කණ්ඩායමයි.

මෙවර වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක කරීම් ජානට් ඇමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙක් වූ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරාව මූලික ලංසුව යටතේ කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම විශේෂත්වයක්. කෙසේවෙතත් දෙවන වටයේදී ඇමෙරිකානු ඩොලර් 40,000 ක මුදලකට පැතුම් නිශ්ශංකව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

වෙන්දේසි වට දෙකේදීම ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරාව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට මෙවර LPL තරඟාවලිය අහිමිවෙනවා.

මෙවර වෙන්දේසියේදී මිලදී ගත් ක්‍රීඩකයින්ද සමඟින් කණ්ඩායම් පහ ගොඩනඟාගත් අවසන් සංචිත පහතින්.

B-Love Kandy කණ්ඩායමේ අවසන් සංචිතය

Dambulla Thunders කණ්ඩායමේ අවසන් සංචිතය

Jaffna Kings කණ්ඩායමේ අවසන් සංචිතය

Galle Marvels කණ්ඩායමේ අවසන් සංචිතය

Colombo Strikers කණ්ඩායමේ අවසන් සංචිතය

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button