එංගලන්තයට ක්‍රීඩාකිරීමට තමයි ප්‍රමුඛතාව දෙන්නෙ – බට්ලර් -
All News

එංගලන්තයට ක්‍රීඩාකිරීමට තමයි ප්‍රමුඛතාව දෙන්නෙ – බට්ලර්

IPL තරඟාවලිය මැද එංගලන්ත ලෝක කුසලාන සංචිතයට නම්කළ ක්‍රීඩකයින් නැවතත් ඉන්දියාවේ සිට එංගලන්තය වෙත පැමිණියේ ලෝක කුසලානයට සූදානම් වීමට සහ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩාකිරීමේ අරමුණෙන්.

තරඟාවලිය අතරමැද IPL හැරදා යාම සම්බන්ධව හිටපු ඉන්දීය ක්‍රීඩකයින් සහ ප්‍රේක්ශකයින් දෝශාරෝපණ එල්ල කළ අතර හිටපු ඉන්දීය ක්‍රීඩක ඉර්ෆාන් පතාන් ප්‍රකාශ කර තිබුණේ සම්පුර්ණ තරඟාවලියම ක්‍රීඩා කළ නොහැකි නම් නැවතත් IPL තරඟාවලියට සහභාගී නොවන ලෙසයි.

පාකිස්තාන – එංගලන්ත විස්සයි විස්ස තරඟාවලියට පෙර මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව එංගලන්ත නායක බට්ලර්ගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්ණ කළ මොහොතේ බ්ට්ලර් පවසා සිටියේ තම රටට ක්‍රීඩා කිරීම අංක 1 බවයි.

බට්ලර් මේ පිළිබඳව දැක්වූ අදහස් –

” මම හිතන්නෙ IPL ඉන්ටර්නැෂනල් ක්‍රික්ට්වලට තර්ජනයක් නොවිය යුතුයි. IPL තරඟාවලිය විශාල කාලයක් පුරාවට පැවැත්වෙනවා. ලෝක කුසලානයට නායකත්වය දෙන අවස්තාවේදී මගේ ප්‍රමුඛතාවය වන්නේ එංගලන්තයට ක්‍රීඩා කිරීම සහ දක්ශතා දැක්වීමයි. මට දැනෙන විදිහට එය තමා හොඳම සූදානම් වීම..”

කලකට පසුව නැවතත් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් එංගලන්ත කණ්ඩායමට එක්වීම පිළිබඳවද බ්ට්ලර් මෙහිදී අදහස් දක්වා තිබුණා.

” ඔහුගේ මුහුණේ විශාල හිනාවක් තියෙනවා. ඔහු නැවත යෝග්‍යතාවයෙන් සහ වේගයෙන් පන්දු යවනවා. ඔහුව නැවතත් කණ්ඩායමේ දැකීම සතුටක්. ඔහුගේ පන්දුවටල මුහුණ දෙන එක විනෝදකාමී දෙයක් නෙමෙයි. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button