දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය දීනූ සුපිරි ක්‍රීඩකයා ඇෆ්ගනිස්තානයට.. -
All News

දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය දීනූ සුපිරි ක්‍රීඩකයා ඇෆ්ගනිස්තානයට..

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී පන්දුයැවීමේ පුහුණු උපදේශකයෙකු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එක්කරගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙවනවිට ඇෆ්ගනිස්තාන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට පැමිණ ඇති අතර එහිදී පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිතයි. මෙම පුහුණු කඳවුරේ සිට ලෝක කුසලානය පුරාවට ඩ්වේන් බ්‍රාවෝ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ රැඳීසිටීමට නියමිතව තිබෙනවා.

ඩ්වේන් බ්‍රාවෝ, දෙවරක් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක්ද වෙනවා. මේ වනවිට ඔහු පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කරන අතර IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ලෙසින්ද ඔහු කටයුතු කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button