බංගලාදේශ පරදා, ඇමරිකාවට ඓතිහාසික තරඟාවලි ජයක්. -
Match Results

බංගලාදේශ පරදා, ඇමරිකාවට ඓතිහාසික තරඟාවලි ජයක්.

බංග්ලාදේශය හා ඇමරිකාව අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තාකර ගැනීමට ඇමරිකා කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් ඇමරිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබාගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Monank Patel පන්දු 38කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත්වුණා.

ඊට අමතරව ආරම්භක පිතිකරු Steven Taylor පන්දු 28කදී ලකුණු 31ක් හා Aaron Jones පන්දු 34කදී ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි. බංග්ලාදේශය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක Najmul Hossain Shanto යි. ඔහු පන්දු 34කදී ලකුණු 36ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව, පලමු තරඟයත් ජයගත් ඇමරිකාව, තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ද ජයගැනීමට ඇමරිකා කණ්ඩායම සමත්වුණා..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button