හාඩික් පාන්ඩ්‍යාගේ විවාහයේ දෙදරා යෑමක්?? -
News

හාඩික් පාන්ඩ්‍යාගේ විවාහයේ දෙදරා යෑමක්??

මෙවර IPL තරගාවලියේදී තමා සිටි කණ්ඩායම මාරු කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට හාර්ඩික් පාන්ඩියා පත්විය. ඒ රෝහිත් ශර්මා නායකත්වයෙන් ඉවත් කරමින්. කෙසේ නමුත් හාඩික් ප්‍රමුඛ මුම්බායි කණ්ඩායමට මෙවර IPL තරගාවලිය එතරම සුබ වූයේ නෑ. ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කල තරග 14 න් තරග 04 ක් පමණයි ඔවුන් ජයගනු ලැබුවේ. මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේද පසුවනවා. පාන්ඩ්‍යාගේ ක්‍රීඩා ජීවිතයේ අදුරු කාලයක් ගත් වෙමින් පවතිද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතයද එතරම් හොද තත්වයක නොපවතින බව සමාජ ජාල ඔස්සේ කටකතා පැතිරී යනවා.

මෙලෙස සමාජ් මාධ්‍යයේ කටකතා ලෙස පැතිරී යන්නේ හාර්ඩික් ඔහුගේ බිරිද වන නතාෂා ස්ටැන්කොවික් සමග වෙන් වී ඇති බවයි. පරිශීලකයෙකු Reddit සමාජ් ජාලා මාධ්‍යයට යොමු කරන ලද පෝස්ටුවක සඳහන් ව ඇත්තේ, හාර්ඩික් හා නතාෂා වෙන් වෙලාද? යනුවෙනි. තවද හාඩික් හා නතාෂා එකිනෙකාගේ Instagram Stories ශෙයා කරගන්නේ නැතැයිද හාඩික්ගේ බිරිද Instagram හී යොදා තිබූ Natasa Stankovic Pandya පරිශිලක නාමය Natasa Stankovic ලෙස වෙනස් කරගෙන තිබෙනවා.

එමෙන්ම එම සටහනේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ඇයගේ උපන්දිනය මාර්තු මස 04 වෙනිදා තිබුනත් හාඩික් කිසිම පෝස්ට් එකක් ඒ ගැන දාලා නැ. ඒ වගේම ඇය ඇයගේ මෑතකාලින ජායාරූප සියල්ල ඉන්ස්ටාග්‍රෑම්වලින් ඉවත් කරගෙන ද තිබෙනවා. ඒ වගේම ඇය IPL හී ද පෙනෙන්නට සිටියේ නැහැ. කොහොමවුනත් හාඩික්ගෙ සහෝදරයා වන කුර්නාල් පාන්ඩියා හා කුර්නාල්ගේ බිරිද වන පන්කූරි ශර්මා තවමත් නතාෂාගේ පෝස්ට් වලට කමෙන්ට් දමන බවද Reddit සටහනේ දැක්වෙනවා.

රෙඩිට් පරිශිලකයා එසේ පැවසුවත් The Economic Times වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නටාසා හර්දික් පාණ්ඩ්‍යා සමඟ කිසිදු පින්තූරයක් ඉවත් කර නොමැති අතර, ඇය තම සැමියාගේ කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සහය වීමට මෙම වාරයේ IPL තරඟ කිහිපයකටද සහභාගී වී ඇත

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button