දෝනිගේ සර්කස් එක නැතුව චිදම්බරම් හී තරගයක් රසවින්දා – ප්‍රේක්ෂකයෙක් -
Conference

දෝනිගේ සර්කස් එක නැතුව චිදම්බරම් හී තරගයක් රසවින්දා – ප්‍රේක්ෂකයෙක්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එක වෙන චීපක් වලදි මහේන්ද්‍ර සිං දෝනි සෙල්ලම් කරන විට ප්‍රේක්ෂකයන්ගේ උන්මාදය වෙනම මට්ටමකට රැගෙන යනවා. කෙසේ වෙතත් එක්තරා චෙන්නායි රසිකයෙක් , Qualifier 2 සදහා පැවති රාජස්ථාන් රෝයල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය මධ්‍යස්ථ ප්‍රේක්ෂකයෙකු ලෙස ඉතා හොදින් රස විදි බවයි.

සමාජ මාධ්‍ය ජාලාවල පැතිර ගිය වීඩියෝවක රසිකයා කියා සිටියේ තමා දෝනි ක්‍රීඩකයාට සහ නායකයාට අසීමිත ගෞරවයක් දක්වන බවයි. කෙසේ වෙතත්, බොහෝ CSK ප්‍රේක්ෂකයින් චෙන්නායි හෝම් ග්‍රවුන්ඩ්ස් වල ක්‍රීඩා කරන තරග ‘දෝනිගේ සර්කස්’ එකක් මෙන් තනි පුද්ගල උමතුව මත පදනම්ව කරන බවයි ඔහු පවසන්නේ.
ඔහු එම වීඩියෝවේ පැවසූ ප්‍රකාශය

“මට ඉතාමත් කණගාටුයි, නමුත් CSK තරඟ සියල්ලම සර්කස් එකක් වගේ. මම ලොකු දෝනි රසිකයෙක්. ඔහු පුරාවෘතයක් සහ විශිෂ්ට ක්‍රීඩකයෙක්. නමුත් රසිකයින් ඒක අවුල් කරනවා. මම ඒ නිසස් ක්‍රිකට් ක්‍රීඩාව රසවින්දේ නැහැ.මම RR හා SRH තරගය අවසන් වීමෙන් අනතුරුව ෆේස්බුක්වලයි ඉන්ස්ටාග්‍රෑම් වලයි පෝස්ට් එකක් දැම්මා “දෝනිගේ සර්කස් එක නැතුව MA චිදම්බරම් පිටියේ IPL තරගයක් රසවින්දා” කියලා.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබුනේ, දෝනිව අගයකිරීම සාධාරන බවයි. කෙසේ නමුත් දෝනිට පන්දුවට පහර දීමට ඒමට තම කණ්ඩායමේම අනෙක් ක්‍රීඩකයන් දැවී යාමට චෙන්නායි රසිකයන්ගේ ඇති කැමත්ත පිළිබද ඔහු තම අප්‍රසාදය පල කරනු ද ලැබුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button