මයිකල් ක්ලාක් LPL සමග එක්වෙයි. -
News

මයිකල් ක්ලාක් LPL සමග එක්වෙයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු ඕස්ට්‍රේලියානු නායක මෙන්ම සුපිරි ක්‍රීඩක මයිකල් ක්ලාක් නම් කොට තිබෙනවා. මෙවර LPL තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මයිකල් ක්ලාක් විසින් තමා සන්නාම තානාපති ලෙස නම් කිරීමෙන් පසු මෙලෙස අදහස් දක්වා තිබුනා.
ශ්‍රී ලංකාව කියන්නේ මම ක්‍රීඩා කරන්න ආසම රටක්. නැවතත් ශ්‍රී ලංකාවට එනකම් මට ඉවසිල්ලක් නැහැ. මට දැන් එන්න විතරක් නෙවෙයි, ඇවිත් තානාපති කෙනෙක් විදිහට වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දක්ෂයින් රැසක්, තරුණ ක්‍රීඩකයින් රැසක්, ඒ වගේම හොඳ විදෙස් ක්‍රීඩකයිනුත් ඉන්නවා. මේ තරගාවලිය සාර්ථක එකක් වෙන බවට සැකයක් නැහැ.

මයිකල් ක්ලාක් යනු 2015 එක්දින ලෝක කුසලානය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දිනාදුන් නායකයායි. ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමග එක්වීම , තරගාවලිය සාර්ථක වීමට ලොකු පිටුවහලක් වනු ඇති බව නොඅනුමානයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button