සුපිරි වේගපන්දු යවන්නා සමුගැනීමේ සූදානමක.. -
News

සුපිරි වේගපන්දු යවන්නා සමුගැනීමේ සූදානමක..

නිමාවූ IPL තරඟාවලියේ ශූරතාවය දිනාගත් කොල්කටා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු වූ ඕස්ට්‍රේලියා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ට්‍රාක් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට සූදනමින් පසුවන බවට ඉඟි පලකර තිබෙනවා.

අයි.පී.එල් ශූරතාවය දිනාගැනීමෙන් අනතුරුව ඔහු මාධ්‍යට අදහස් දක්වා තිබෙන්නේ සිය ක්‍රීඩා දිවියේ අවසානයට ඔහු ලංවී ඇති බවයි.

මිචෙල් ස්ට්‍රාක් දැක්වූ අදහස් පහතින්..

” මම නිසැකවම මගේ වෘත්තීමය ක්‍රීඩා දිවියේ ආරම්භයට වඩා අවසානයට දැන් සමීපයි. එක් ආකෘතියකින් ඉවත් විය හැකියි. මීළඟ එක්දින ලෝක කුසලානයට තව බොහෝ කාලයක් ඉතිරිව තිබෙනවා. එම ආකෘතිය මම දිගටම රැඳුනත් නැතත් එය මට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සඳහා දොරටු විවර කළ හැකියි.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button