IPL ශූරයන්ට කෝටි 20 ක් -
IPLLeague

IPL ශූරයන්ට කෝටි 20 ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ(26) කොල්කටා නයිට්රයිඩර්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වුනා. එහිදී අවසන් මහා තරගය ජයගත් කොල්කටා පිළ IPL ශූරතාවය තෙවෙනි වරටත් දිනාගැනීමට සමත්වුනා.

මෙවර අයිපීඑල් තරගාවලිය වෙනුවෙන් වෙන් කර තිබූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 46.5 ක දැවැන්ත මුදලක්. IPL ශූරයන් වන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 20 ක්. අනුශූරයන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 13 ක් ද හිමිවුනා. තෙවෙනි ස්ථානය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 07 ක් හා සිව්වැනි ස්ථානය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 6.5 ක මුදලක් හිමිවුනා.

තරගාවලියේ වැඩිම් ලකුනු ලාභියාට හිමිවන Orange Cap එක විරාට් කෝලි හට හිමිවූ අතර ඔහුට ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද තරගාවලියේ වැඩිම කඩුලු ලාහියාවන හර්ෂල් පටෙල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක්ද හිමිවුනා. හර්ෂල් පටෙල් මෙවර IPL තරගාවලියේ Purple Cap එක දිනාගනු ලැබුවා.

විරාට් කෝලි තරග 15 කදී ලකුණු 741 ක් ද රැස් කල අතර හර්ෂල් පටෙල් තරග 14 කදී කඩුලු 24 ක් ද බිඳ හෙලුවා.

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය සන්රයිසස් කණ්ඩායමේ නිතිෂ් කුමාර් රෙඩ්ඩි වෙත හිමි වූ අතර ඔහුට හිමි වූ ත්‍යාග මුදල ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක්.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය සුනිල් නාරයන්ට හිමිවූ අතර ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක ත්‍යාග මුදලක් හිමිවුනා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button