කාව්‍යා මාරන්ට අමිතාබ් බච්චන්හෙන් ආදරණීය පණිවිඩයක්.. -
News

කාව්‍යා මාරන්ට අමිතාබ් බච්චන්හෙන් ආදරණීය පණිවිඩයක්..

2024 IPL තරඟාවලියේ අවසන් මහා තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට සිදුවුණා. එම අවස්තාවේදී සන්රයිසර්ස් කණ්ඩායමේ CEO සහ සම හිමිකාරීණිය වන කාව්‍යා මාරන් කදුළු සලමින් දුක්වූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ බොහොදෙනාගේ අවධානය දිනාගැනීමට සමත්වුණා.

මේ පිළිබඳව ඉන්දීය සුපිරි නලු අමිතාබ් බච්චන් සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ සන්රයිසර්ස් කණ්ඩායමේ පරාජය ගැන ඔහු කලකිරුණු බවයි. සන්රයිසර්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ හොඳම කණ්ඩායමක් ලෙසත් පරාජයෙන් පසු කාව්‍යා මාරන් කදුළු සලමින් සිටිනු දැකීමෙන් තමා කණගාටුවට පත්වූ බවද අමිතාබ් බච්චන් ප්‍රකාශ කර තිබුණා.

කාව්‍යා මාරන් වෙනුවෙන් අමිතාබ් බච්චන් පලකර තිබූ සටහන පහතින්,

” තරුණ සුන්දර යුවතිය, සන්රයිසර්ස් කණ්ඩායමේ හිමිකාරීණිය පරාජයෙන් අනතුරුව කදුළු සලමින් සංවේදී වුණු අයුරු මා දැක්කා. මට ඇය ගැන කණගාටුවක් දැනුණා. මගේ ආදරණීය දියණිය, අත්හරින්නෙපා.. හෙට අලුත් දවසක්. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button