තේරීම් කමිටු ප්‍රධානියා සහ පන්දුරැකීමේ පුහුණුකරුත් පිටියට.. -
Match Results

තේරීම් කමිටු ප්‍රධානියා සහ පන්දුරැකීමේ පුහුණුකරුත් පිටියට..

නැමීබියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පුහුණු තරඟයෙන් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 119 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ජෝස් හේසල්වුඩ් ලකුණු 05 කට කඩුලු 02 ක් බිඳදැමූ අතර ඔහු යොමුකළ පන්දුවාර හතරෙන් පළමු පන්දුවාර තුනම නිළකුණු පන්දුවාර වීම විශේශත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ටේලියාව පන්දුවාර 10 ක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 123 ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තා කළා.

මෙම තරඟය ක්‍රීඩාකිරීමට ක්‍රීඩකයින් 11 ක් සම්පූර්ණ කිරීමට ඕස්ටේලියාවට නොහැකි වීම හේතුවෙන් ක්‍රීඩකයින් 09 දෙනෙක් සමඟින් ඕස්ට්‍රේලියා තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බෙයිලිට සහ පන්දුරැකීමේ පුහුණුකරු Andre Borovec හට මෙම තරඟය ක්‍රීඩාකිරීමට සිදුවුණා. ඊට හේතුවුයේ IPL තරඟාවලිය ක්‍රීඩාකළ පැට් කමින්ස් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට තවමත් බටහිර ඉන්දීය කොදෙව්වල රැඳීසිටින ඕස්ට්‍රේලියා ලෝක කුසලාන සංචිතය සමඟින් එක්වීමට නොහැකි වීමයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button