නෙදර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 21ක පරාජයක්. ලකුණු පුවරුව මෙන්න. -
Match Results

නෙදර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 21ක පරාජයක්. ලකුණු පුවරුව මෙන්න.

ජුනි 2 වන දින ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පෙර පුහුණු තරඟයක් ලෙස ඊයේ (28) පැවතී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරඟයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කරගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් වනිඳු හසරංග පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 181 රැස්කර ගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් හා නුවන් තුශාර , දුනිත් වෙල්ලාලගේ, ඇන්ජලෝ මැතිව්ස් ද එක් කඩුල්ල බැඟින් බිඳ දමා තිබෙනවා. මෙම තරඟයේදී වනිඳු හසරංග , මහීශ් තීක්ශන පන්දු යවා නොතිබුණු අතර, දුශ්මන්ත චමීර හා මතීෂ පතිරණ ක්‍රීඩා කළේ නෑ.

අනතුරුව ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 43ක් ලබාගෙන ඇති අතර, ඔහු පිට පිට පන්දු පහකදී හයේ පහර 5ක් එල්ල කර තිබෙනවා. දසුන් ශානක නොදැවී ලකුණු 35යි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබාගත් ලකුණු

පැතුම් නිස්සංක – 05 (3)
කුසල් මෙන්ඩිස් – 04 (09)
කමිඳු මෙන්ඩිස් – 05 (08)
දනංජය ද සිල්වා – 31 (22)
චරිත් අසලංක – 12 (06)
ඇන්ජලෝ මැතිව්ස් – 15 (17)
වනිඳු හසරංග – 43 (15)
දසුන් ශානක – 35* (20)
දුනිත් වෙල්ලාලගේ – 07 (11)

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු යැවීම

නුවන් තුශාර | 4-0-48-1
ඩිල්ශාන් මදුශංක | 4-0-39-2
දුනිත් වෙල්ලාලගේ | 4-0-26-1
ඇන්ජලෝ මැතිව්ස් | 2-0-20-1
දසුන් ශානක | 2-0-12-0
චරිත් අසලංක | 1-0-5-0
දනංජය ද සිල්වා | 1-0-16-0
කමිඳු මෙන්ඩිස් | 2-0-15-0

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button