LPL වෙන්දේසියේ ලැබුණු ඉහළ වටිනාකමට හේතුව උදාන පහදයි.. -
Conference

LPL වෙන්දේසියේ ලැබුණු ඉහළ වටිනාකමට හේතුව උදාන පහදයි..

Charana Tv සමඟ YouTube වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා හිටපු මදවේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන LPL වෙන්දේසියේදී තමාට ලැබුණු ඉහළ වටිනාකම සහ LPL වෙන්දේසිය පිළිබඳව අදහස් පලකළා.

මටනම් සතුටුයි. මම අවුරුදු හතරක් LPL ක්‍රීඩාකළා. මන් විස්සයි විස්ස මැච් 200 කට වඩා ගහලා තියෙනවා. මගේ වැලියු එක එච්චර වැඩිවෙන්න හේතුවෙන්නැත්තෙ මම ඔක්ශන් එකේ පොඩ්ඩක් යටින් ආවේ. RTM ඔප්ශන් ඒකත් තිබ්බ කණ්ඩායම්වලට. ඒකත් කට්ටිය පාවිච්චි කරන්න බලන් ඉද්දි අනිත් ටීම් එකකට ඒක කරන්න බැරිවෙන්න ගාන උඩට ගත්තු එක තමා වුණේ. ඒක ඉතින් මගේ වෙලාව. මන් සතුටුයි ඒ ගැන.”

කුසල් ජනිත් පෙරේරා මෙවර LPL වෙන්දේසියේදී අලෙවි නොවීම සම්බන්ධව උදාන මෙලෙසින් අදහස් දක්වුවා.

” IPL වලට පස්සෙ හොඳම ලීග් එක විදිහට සලකන්නෙ ඩුබායිවල තියෙන ILT20 එක. ඒකෙදිත් කුසල් වැඩිම ලකුණු ලැයිස්තුවේ දෙක නැත්නම් තුන. එහෙම ප්ලේයර් කෙනෙකුට ලංකාවෙ තියෙන ලීග් එකේ ටීම් එකකට එන්න බෑ කියන්නෙ ඒක ටිකක් පුදුමසහගතයි. ඔය කතාවත් අල්ලලා මන් බැනුම් අහනවා මොකද කුසල් Unsold වෙලා මන් මෙච්චර ගානකට ගියපු එකට. T20 ෆෝමැට් එකේ තනියම මැච් එකක් වෙනස් කරන්න පුලුවන් ප්ලේයර්ස්ල ලංකාවෙ ඉන්නෙ සීමිත සංඛ්‍යාවක්. ඒ වගේ ප්ලේයර් කෙනෙක් LPL එකට නැතිවෙන එක ගැන මටත් පෞද්ගලිකවම දුකයි. “

එලෙසම මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව ඉසුරු උදාන සිය අදහස ප්‍රකාශ කළා.

  • ඕස්ට්‍රේලියාව
  • ශ්‍රී ලංකාව
  • ඉන්දියාව
  • බටහිර ඉන්දීය කොදෙව්

අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ලෙස ඔහු නම්කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button