ඉන්දීය පාකිස්තාන තරඟයට පෙර Lone Wolf ප්‍රහාරයක් පිළිබඳ සැකයක්.. -
News

ඉන්දීය පාකිස්තාන තරඟයට පෙර Lone Wolf ප්‍රහාරයක් පිළිබඳ සැකයක්..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ජූනි 09 වනදා ඉන්දියාව සහ පාකිස්තානය අතර නිව්යෝර්හි Eisenhower Park ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයට පෙර Lone Wolf ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට සැකයක් මතුවී තිබෙනවා. ( Lone Wolf ප්‍රහාරයක් යනු පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක සිදුකරන සමූල ඝාතනයකි )

නිව්යෝර්ක් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ඔවුන් තත්ත්වය නිරීක්ෂණය කරන අතර ඔවුන්ගේ බුද්ධි තොරතුරු වලට අනුව මේ අවස්තාවේ මහජන ආරක්ශාවට තර්ජනයක් නොමැති බවයි.

Eisenhower Park ක්‍රීඩාංගණය Manhattan සිට සැතපුම් 25 ක් නැගෙනහිරින් පිහිටා තිබෙන අතර මෙම ක්‍රීඩාගණය ඉන්දීය පාකිස්තාන තරඟය ඇතුලු මෙවර ලෝක කුසලානයේ තරඟ 08 ක් සඳහා සත්කාරකත්වය ලබාදෙනවා.

” මගේ පරිපාලනය නිව්යෝර්ක් පොලීසිය සමඟ කටයුතු කරමින් ආරක්ශාව තර කිරීමට කටයුතු කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, තත්ත්වය හොඳින් නිරීක්ෂණය කිරීම සහ ඉහළ ආරක්ශක පියවර යෙදීමට නිව්යෝර්ක් පොලීසියට මම උපදෙස් ලබාදුන්නා. මගේ ප්‍රමුඛතාවය මහජන ආරක්ශාව තහවුරු කිරීම. ලෝක කුසලානය ආරක්ශිත සහ ප්‍රීතිමත් අත්දැකීමක් බවට සහතික කිරීමට අපි කැපවී සිටිනවා..”

යනුවෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත්කරමින් නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය වන Kathy Hochul ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button