එංගලන්ත සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයාට වසර දෙකක අත්හිටවූ තරඟ තහනමක්.. -
News

එංගලන්ත සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයාට වසර දෙකක අත්හිටවූ තරඟ තහනමක්..

එංගලන්ත ක්‍රිකට් දූශණ විරෝධී ඒකකය මඟින් සිදුකළ පරීක්ෂණයකින් පසු එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බේයිඩ්න් කාර්සේ හට මාස 16 ක තරඟ තහනමක් පනවා තිබෙනවා. එම තහනමෙන් මාස 13 ක් අත්හිටවූ තරඟ තහනමක් ලෙස නම්කර තිබෙනවා.

ඒ අනුව ඔහුට 2024 මැයි 28 සිට 2024 අගෝස්තු 28 දක්වා කාලය තුළ ඔහුට සියලු ක්‍රිකට් තරඟ තහනම් වෙනවා.

2018 සහ 2019 අතර කාලයේදී විවිධ ක්‍රිකට් තරඟ සඳහා ඔට්ටු 303 ක් ඇල්ලීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර ඔහු එහෙම චෝදනා පිළිගෙන තිබෙනවා. ඔහු ක්‍රීඩාකළ කිසිඳු තරඟයකට ඔහු ඔට්ටු අල්ලා නොතිබූ අතර විමර්ශයේදී ඔහුගේ මේ ක්‍රියාව සම්බන්ධව ඔහු පසුතැවිලි වූ බවද වාර්තා වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button