මම නායකයා වුනානම් කුසල් ජනිත්ව අනිවාර්යෙන් තෝරනවා – ටී.එම් දිල්ශාන් -
Conference

මම නායකයා වුනානම් කුසල් ජනිත්ව අනිවාර්යෙන් තෝරනවා – ටී.එම් දිල්ශාන්

මෙවර ලෝක කුසලානයේ දේශීය විකාශණ අයිතිය හිමි සිරස TV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකිරීම සම්බන්ධව සිය අදහස් පලකළා.

” සිලෙක්ටර්ස්ලගෙ තීරණයට ගරු කරනවා. නමුත් මම මේ කණ්ඩායමේ නායකයා වෙලා හිටියනම් මම කුසල් ජනිත්ව අරන් යනවා. එහෙනම් මම කුසල් ජනිත්ව පැතුම් එක්ක ඕපන් කරවලා කුසල් මෙන්ඩිස්ව අංක තුනට ගේනවා. කුසල් ජනිත් හිටියනම් ටීම් එක ඕනෙවෙලාවක බැලන්ස් කරන්න පුලුවන් මොකද කීප් කරන්න පුලුවන් ඕනෙ තැනක ෆීල්ඩ් කරන්න පුලුවන්. ඩුබායිවල තිබ්බ ILT20 ටූර්නමන්ට් එකේ මැන් ඔෆ් ද සීරීස්. දැන් මේ ක්‍රිකට් එක වෙනස්නෙ. ඉස්සර අපිට කියන්නෙ පළවෙනි ඕවර් හයේ එක විකට් එකකට ලකුණු 40 ක් ගහන්න කියලා. දැන් ඒක හරියන්නෑ. 40 ගැහුව්වොත් අපි මැච් එක පරදිනවා. දැන් කියන්නෙ විකට් දෙකක් හරි ගිහිල්ල 60 ක් ගහන්න කියලා. එතකොට තමයි අපිට 180 කට විතර යන්න පුලුවන්. ඒකට අපිට බය නැතුව මෙයාව යූස් කරලා ෆ්‍රීඩම් දීලා ඔයාගෙ රෝල් එක පළවෙනි බෝලෙ ඉඳන් ගහන්න කියලා කියන්න තිබ්බා.

අපේ ඉන්න හොඳම දෙන්නව ඉස්සරහට දානවා. ඒ දෙන්නට චාන්ස් එකක් ගන්නත් ඕනෙ ගන්නත් බෑ. මොකද කුසල් මෙන්ඩිස් මැද හොඳටම ගහනවා. මෙන්ඩිස් පැතුම් දෙන්නම සෙට් වුනොතින් ලොකු ඉනිම් ගහන දෙන්නෙක්. අපේ මේන් බැට්ස්මන්ල දෙන්නම ඉස්සරහට දාල තියෙනවා. නිකන් හරි මෙන්ඩිස්ව කඩලා තුනට හතරට ගෙනැල්ල අරවගේ කෙනෙක් හිටියනම් ලොකු දෙයක් කරන්න තිබ්බ කියන එක තමයි මගේ මතය. අඩුම තරමෙ 15 ට හරි කුසල් ජනිත්ව ගෙනියන්න තිබ්බ කියන එක තමයි මගේ අදහස.”

යනුවෙන් තිලකරත්න දිල්ශාන් ප්‍රකාශ කර සිටියා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button