ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාව මුහුණදුන් පලමු තරඟයම පරාජයට පත්වෙයි. -
Match Results

ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාව මුහුණදුන් පලමු තරඟයම පරාජයට පත්වෙයි.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ 4 වන තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවතී තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තාකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 77ක් පමණයි.

එය ශ්‍රී ලංකා කණ්ඩායම, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 30කදී එක් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 16කදී ලකුණු 16ක් හා කමිඳු මෙන්ඩිස් පන්දු 5කදී ලකුණු 11ක් ලබාගැනීමට සමත්වුණා.

මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස්, කුමාර් සංගක්කාර පසුකර යමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු රකින්නෙකු වාර්තා කළ වේගවත්ම ලකුණු 1000 සීමාව පසුකළ යාමට සමත්වුණා. ඒ සඳහා ඔහුට ඉනිම් 35ක් වැය කර ඇති අතර, කුමාර් සංගක්කාර ලකුණු 1000ක් වාර්තාකර ඇත්තේ තරඟ 38කදී ය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Anrich nortje ලකුණු 7කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර, Kagiso Rabada හා Keshav Maharaj කඩුලු 2ක බැඟින් හා Ottneil Baartman එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 16.2ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 80ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.

එහිදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 20ක් හා හෙන්රි ක්ලාසන් ලකුණු 19ක් ලබාගැනීමට සමත්විය

පන්දු යැවීමේදී නායක වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ දැමූ අතර, නුවන් තුශාර හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button