ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන හතරට එන්න හැකියාව තියෙනවා – රොශාන් අබේසිංහ -
Conference

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන හතරට එන්න හැකියාව තියෙනවා – රොශාන් අබේසිංහ

මෙවර ලෝක කුසලානයේ දේශීය විකාශණ අයිතිය හිමි සිරස TV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මාවන් අතපත්තු සහ ප්‍රවීණ විස්තර විචාරක රොශාන් අබේසිංහ මහතා ලෝක කුසලානයට නම්කළ ශ්‍රී ලංකා සංචිතය සහ ලෝක කුසලාන බලාපොරොත්තු පිළිබඳව අදහස් පලකළා.

හිටපු ක්‍රීඩක මාවන් අතපත්තු දැක්වූ අදහස්..

” මේ සංචිතය ගැන කිව්වොත් මීට පෙර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය වගේ රටවල් එක්ක තරඟාවලි පැවැත්වුවා. අපිට පසුබෑමක් ඇතිවුණා එක්දින ලෝක කුසලානෙදි. නමුත් ඊටපස්සෙ අපේ කණ්ඩායමේ පිබිදීමක් තිබ්බා විස්සයි විස්ස ක්‍රිකට් වලත්. පහුගිය මාස පහ හය බලනකොට අපේ ක්‍රිකට්වල වෙනසක් මන් පෞද්ගලිකව දැක්කා. ඉතින් ඒ රිද්මයේ කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩාකළොත් මේ ෆෝමැට් එක තමයි වර්ල්ඩ් කප් වල ලංකාව සාර්ථකම ෆෝමැට් එක. අපි තුන්පාරක් ෆයිනල් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මේ පාර.”

රොශාන් අබේසිංහ මහතා දැක්වූ අදහස් පහතින්..

” ගොඩක් කාලෙකට පස්සෙ මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ සංචිතය ගැන බැලුවොත් අලුතෙන් කවුරුත් ආව කියලා කියන්න බෑ. එතකොට මොනාහරි වෙනසක් මේ සංචිතයේ වෙලා තියෙනවා. ටික කාලෙකට කලින් තිබ්බට වඩා ආත්ම විශ්වාසයකින් දැන් සෙල්ලම් කරනවා. ඉතින් මම හිතන්නෙ ඒක තමයි මේ ස්කොඩ් එක ලබලා තියෙන ලොකුම ජයග්‍රහණය. ඒ හින්දා මට ලොකු විශ්වාසයක් තියෙනවා අවසාන හතරට හරි මේ කණ්ඩායමට එන්න හැකියාවක් තියෙනවා කියලා. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button