2012 ෆයිනල් එකේ වින්දීස්ලට අමාරු වෙන්න බ්‍රවුන්ඩ්‍රි ලයින් දුරට දැම්මා – මාවන් අතපත්තු -
Conference

2012 ෆයිනල් එකේ වින්දීස්ලට අමාරු වෙන්න බ්‍රවුන්ඩ්‍රි ලයින් දුරට දැම්මා – මාවන් අතපත්තු

මෙවර ලෝක කුසලානයේ දේශීය විකාශණ අයිතිය හිමි සිරස TV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මාවන් අතපත්තු සහ තිලකරත්න දිල්ශාන්, හතරේ සීමාවේ දුර සම්බන්ධව ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මෙලෙසින් අදහස් පලකළා.

තිලකරත්න දිල්ශාන් දැක්වූ අදහස් පහතින්.

” බ්‍රවුන්ඩ්‍රි ලයින් එක කෙටි වුනාම ඒක ලොකු වාසියක්. මොකද අපි දන්නවා 60 මීටර් කියලා. එතකොට ඒ මීටර් 60 ක්ලියර් කරන්න ගැහුව්වම ඔටෝමැටිකලි 80 m 90 m යනවා. මොකද අපි දන්නවා බ්‍රවුන්ඩ්‍රිය පොඩියි අපිට හරියට බෝලෙ කනෙක්ට් වුන්නැති වුනත් අපි දන්නවා මේක ක්ලියර් වෙනවා කියලා. ඒක අනිවාර්යයෙන්ම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් පිතිකරුවෙකුට.”

එලෙසම 2012 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට වාසි වෙන ලෙස බ්‍රවුන්ඩ්‍රි ලයින්වල දුර වැඩිකිරීමක් සම්බන්ධව මාවන් අතපත්තු මෙලෙසින් අදහස් දැක්වුවා.

” මට මතකයි 2012 අපි කෙත්තාරාමෙ වෙස්ට්ඉන්දීස් එක්ක ගහනකොට ලයින් එක දුරට දැම්ම. මොකද ඒගොල්ලො දුරටනේ හයේ ඒවා ගහන්නෙ. අපි ලයින් එක දුරට දැම්මම එයාල ගැහුව්වෙ 137 යි. හැබැයි අන්තිමට අපි ගහන්න ගියාම අපිට හයේ ඒවා ගහන්න බෑ දුර වැඩියි. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button