පරාජයට හේතුව වැරදි සැලසුම් – වනිඳු හසරංග -
Conference

පරාජයට හේතුව වැරදි සැලසුම් – වනිඳු හසරංග

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 06 ක පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ප්‍රකාශ කළ සිටියේ තරඟය අතරතුර නිවැරැදිව කණ්ඩායම අතර අදහස් සන්නිවේදනය කර නොගත් නිසා තරඟය පරාජයට පත්වීමට හේතුවක් වූ බවයි.

වනිඳු හසරංග මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහතින්.

” මීට කලින් අපි ඒ විකට් එකේ සෙල්ලම් කරලා නෑ. අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. ඒකයි අපි මුලින් ටොස් එක දිනලා බැලුවෙ ස්කෝර්බ්‍රෝඩ් එකට යම්කිසි ලකුණු ගානක් දාල බෝලින් වලින් එයාලට ෆ්‍රෙශර් එකක් දෙන්න. අපි අන්තිම ටී20 තරඟ කිහිපයම ජයග්‍රහණය කලේ දෙවනුවට පන්දු යවලා. ඒක අපි කතාවෙලා අපේ ස්ට්‍රෙන්ත් එකක් ගත්ත තීරණයක්.

ඒත් අපි දැක්කා අපි දෙවෙනියට බෝල් කරලත් කොච්චර පීඩනයක් එයාලට දුන්නද කියලා. ඕවර් 16 ක් වෙනකන් අපි බෝල් කළා. මං හිතන්නෙ ගත්තෙ තීරණයටත් වඩා මන් දකින්නෙ අපි ඒ වෙලාවෙ අපි දාගත්තෙ ටාගට් එකේ වැරැද්දක්. ඒ විකට් එක එච්චර අමාරු වෙලත් අපේ ලොකු ටාගට් එකක් ඔලුවෙ තිබ්බා. අපි ඒක අඳුනගත්තෙ පස්සෙ. අපි ටාගට් එක වෙනස් කරලා 125 ක් 130 ක් ට්‍රයි කළානම් අපිට වෙනසක් කරන්න තිබ්බා. ඒ දේවල් අපි තව පොඩ්ඩක් මැච් එක යනවෙලාවෙ අයිඩියා ශෙයා කරගන්නෝනෙ කියලා මම හිතන්නෙ. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button