පරාජයෙ වගකීම පුහුණුකරුවන්ට යන්නෝනෙ – ටී.එම් දිල්ශාන් -
Conference

පරාජයෙ වගකීම පුහුණුකරුවන්ට යන්නෝනෙ – ටී.එම් දිල්ශාන්

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිළ විකාශණ අයිතිය හිමි Sirasa TV සමඟින් ලෝක කුසලාන තරඟාවලියට අදාළ වැඩසටහනට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්, දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධව පුහුණුකරුවන්ට වගකීම හිමිවිය යුතු බව ප්‍රකාශ කර සිටියා.

” පරාජයේ වගකීම කණ්ඩායමට විතරක් දෙන්න බෑ. පුහුණුකරුවොත් ගන්නෝනෙ වගකීම. මොකද අපි තරඟය පටන්ගන්න කලින් ෆ්‍රෙඩික්ට් කලා මෙතන ඉඳන් එයාලගේ බෝලර්ස්ල හතර දෙනා යොදවන්නෙ කොට බෝලෙ යවන්න කියලා. අපිට මෙතන ඉඳන් ඒ දේ තේරෙනවනම් එයාලට ඊටවඩා දෙයක් තේරෙන්න ඕනෙ.

අපි එකම ප්ලෑන් එකේ තමයි දිගටම ගියේ. පළවෙනි ඕවර් 4,5 යද්දි අපි දැනගන්නෝනෙ විකට් එකේ 160 ක් ගහන්න බෑ, ග්‍රවුන්ඩ් එක ස්ලෝ, බවුන්ස් එක තියෙනවා එතකොට අපි ප්ලෑන් එක චේන්ජ් කරානම් 130 ක් ගහන්න මන් හිතන්නෙ අපි මැච් එක දිනුම්. අපි ඕවර් 20 බැට් කරානෙ. බලන්න අපි බෝල 75 ක්ම වගේ ඩොට් බෝල ගහලා තීන්නෙ. අපිට 20 30 හේ වගේ පොඩි පාර්ට්නර්ශිප් දෙක තුනක් දාගත්‍තනම් මීට වැඩිය වෙනසක් වෙනසක් වෙන්න තිබ්බ කියන එක තමා මගේ අදහස. පිතිකරුවො වගකීම ගත යුතුයි මොකද පිතිකරුවො දැනගන්නෝනෙ පන්දුයවන්නන්ට පන්දුයවන්න පුලුවන් ලකුණු සංඛ්‍යාවක් ගහන්න “

යනුවෙන් ටී.එම් දිල්ශාන් සිය අදහස් ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button