හැම තරඟයකින්ම පස්සෙ අපිට ගොඩක් මහන්සියි. මේක අසාධාරණයි – මහීශ් තීක්ශණ -
Conference

හැම තරඟයකින්ම පස්සෙ අපිට ගොඩක් මහන්සියි. මේක අසාධාරණයි – මහීශ් තීක්ශණ

2024 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තරඟ පැවැත්වෙන නගර එකිනෙකට දුරින් පිහිටා තිබීම හේතුවෙන් තමන් විඳින දුශ්කරතා පිළිබඳව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීශ් තීක්ශණ සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.

“ ගමන් මහන්සිය සහ පුහුණුවීම්වලට ඇති දුර නිසා අපි අපේ පුහුණු සැසිය අවලංගු කළා. නම් කියන්න බැහැ, නමුත් සමහර කණ්ඩායම් එකම ස්ථානයේ නවතිනවා, ඔවුන්ට හෝටලය ඉදන් පිට්ටනියට එන්න යන්නේ විනාඩි 14 ක් පමණයි. අපිට පැයයි විනාඩි 40 ක් වගේ යනව “

මැච් එකට එන්න නම් පාන්දර 5ට විතර ඇහැරෙන්න ඕන. එතකොට හැම මැච් එකකින්ම පස්සෙ අපිට යන්න වෙනවා මොකද අපි තැන් හතරක ක්‍රීඩා කරන නිසා. අපිට අසාධාරණයි.”

අපි ෆ්ලොරිඩාවෙන්, මියාමි වලට ආපු ෆ්ලයිට් එක, ෆ්ලයිට් එක ගන්න අපිට ගුවන් තොටුපලේ පැය අටක් වගේ ඉන්න වුනා. රෑ 8ට පිටත් වෙන්න තිබුනා ඒත් අපිට ෆ්ලයිට් එක ලැබුනේ පාන්දර 5ට. ඒක ඇත්තටම අපිට අසාධාරණයක් “

මාධ්‍යට අදහස් දක්වමින් මහීශ් තීක්ශණ මෙලෙසින් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button