අවමන් සහගත පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් හතර අතට දොස්.. -
Conference

අවමන් සහගත පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් හතර අතට දොස්..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මුහුණදුන් දෙවන තරඟයෙනුත් බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවීමට සමඟින් සුපිරි 08 දෙනාගේ වටයේ බලාපොරොත්තු ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට ඇඳවැටුණා.

මෙම පරාජයත් සමඟින් මාවන් අතපත්තු, තිලකරත්න දිල්ශාන් වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම් විරහිත ක්‍රීඩා විලාසය පිළිබඳව අවේගශීලිව අදහස් පලකර තිබුණා.

තිලකරත්න දිල්ශාන් දැක්වූ අදහස් පහතින්

” මන් හිතන්නෑ අපි සිටුවේශන් හරියට හැන්ඩ්ල් කරනවා කියලා. මට හිතෙන්නෙ අපි එක ප්ලෑන් එකක් හදාගෙන එනවා මේ ටික තමයි පළවෙනි ඕවර් හය දාන්නෙ කියලා. ඒක තමයි එක ඕවරයක් දාල නවත්තලා ආයේ තීක්ශණව හයවෙනි ඕවරේ ගේන්නෙ.

අපි කණ්ඩායමක් විදිහට ගත්තොත් මේ තරඟය හොඳට කළේ නෑ කියන එකයි මගේ අදහස. මොකද අපි 125 ක් ඩිෆෙන්ඩ් කරද්දි වයිඩ් පන්දු 12 කට වඩා යවනවා. බෝලින් යුනිට් එකත් 100% ක් හම්බුන්නෑ. ඕවරෝල් ගත්තොත් කණ්ඩායමක් විදිහට අපි කළේ 60% ක් 70% ක් වගේ.

පැරදුනාම අපිට ගොඩක් වැරදි පේනව ඒ වගේම පෙන්නන්නත් පුලුවන්. අපි මේ දේවල් කතා නොකරත් බෑ. අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තම 150 කට අපිට ලේසියෙන්ම යන්න තිබ්බ. පැතුම් ඕවර් 12 15 ක් ගහලා එයාගෙ වටේ අනිත් අය ගැහුව්වනම් ඒ ලකුණු ගානට ලේසියෙන්ම යන්න තිබ්බා. ඒ වෙලාවෙ පැතුම් නිශ්ශංක ගහපු ඒ පහර එයාට වැඩකුත් නෑ කණ්ඩායමට වැඩකුත් නෑ. මෙතනින් තමයි තරඟය යන්නෙ. අපි බෝල 55 කට වඩා ඩොට් බෝල ගහලා තියෙනවා. මේ වගේ වැරදි වෙන්න බෑ. පළවෙනි ඕවර් හයේ අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. මැදදි අහතැරියා බැට් කරද්දිත් බෝල් කරද්දිත්. අපිට තව එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් හිටියනම් ෆ්‍රෙශර් කරන්න තිබ්බා තව ටිකක්. “

මාවන් අතපත්තු දැක්වූ අදහස් පහතින්

” අපේ හොඳම ඕෆ්ස්පිනර් නම් ලෙෆ්ට් හෑන්ඩර්ට විතරද බෝල් කරන්න පුලුවන්. හැමෝටම බෝල් කරන්න පුලුවන් වෙන්නොනෙ. මුරලි බෝල් කලේ ලෙෆ්ට් හෑන්ඩර්ලට විතරද.. ශේන් වෝන් බොල් කළේ රයිට් හෑන්ඩර්ලට විතරද.. එහෙම එකක් නෑ මේක අපි හදාගත්ත එකක්. ඕස්ටේලියා එංග්ලන්ඩ් සවුත් අප්‍රිකා කණ්ඩායම් මේ විදිහට නෙමෙයි හිතන්නෙ. තමන්ගෙ හොඳම බෝලර් ඕනෙ කෙනෙක්ට බෝල් කරන්න පුලුවන් කියලා.

මේක ලංකාවට ආපු විශබීජයක්. මන් කියන්නෙ හොඳම බැට්ස්මන්නම් ඕනෙන විකට් එකක ගිහිල්ල රන්ස් ගහන්න පුලුවන් වෙන්නෝනෙ. හොඳම බෝලර්නම් ඕනෙ විකට් එකක ගිහිල්ල විකට් ගන්න ක්‍රමයක් හොයාගන්නෝනෙ. එහෙම ආකල්ප ඕනෙ.

මේ මැච් එක පරදින්න හේතුව 53 ක් ගහලා ඕවර් හයට 124 කින් ඉවර කළා. ඕක නෙමෙයි උගන්ඩා කණ්ඩායම වුනත් ඔය දේ තමයි. කලින් විකට් එකේ බවුන්ස් වුනා කිව්වා යටින් ගියා කිව්වා සීම් වුණා කිව්වා අපි පිළිගන්නවා. මේ විකට් එකේ එහෙම එකක් දැක්කෙ නෑනෙ. දැන් මොකක්ද කියන්නෙ ?

මට ඇඟිල්ල දික්කරන්න වෙනවා පිතිකරුවන්ට. හතක් ඉඳලා 124 නම් ගහන්න පුලුවන් බංග්ලාදේශයට ඒක ලොකු ප්‍රශ්ණයක්. වර්ල්ඩ් ක්‍රිකට් වල අපි කොහෙ ඉන්නවද දන්නෑ. හැමදාම කොළිෆයර්ස් ගහන්න වෙයි. හැමදාම දිමුත්ව අරන් යන්න වෙයි කොලිෆයර්ස් ගහන්න ටෙස්ට් ක්‍රීඩකයනෙ. ඕකද අපේ ස්ට්‍රෙන්ග්ත් එක. මේකට උත්තරයක් හොයන්න. ඊලඟ ෆෝමැට්වලත් දිමුත්ව ගෙනිහිල්ල කොලිෆයි ගහලා කොලිෆයි වෙන්නද අපේ බලාපොරොත්තුව.. මට තේරෙන්නෑ..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button