ශ්‍රී ලංකාවේ සුපර් 8 වටයේ ස්ථානය වැට උඩ. දෙවන තරඟයත් පරදියි.. -
Match Results

ශ්‍රී ලංකාවේ සුපර් 8 වටයේ ස්ථානය වැට උඩ. දෙවන තරඟයත් පරදියි..

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ 15 වන තරඟය ලෙස ශ්‍රී ලංකා හා බංග්ලාදේශය අතර පැවතී තරඟයෙන්, තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 2ක ජයක් වාර්තාකර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය , පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, පන්දු 28කදී හතරේ පහර 7ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබාගත් අතර, දනංජය ද සිල්වා පන්දු 26කදී ලකුණු 21ක් ලබාගැනීමට සමත්වුණා.. චරිත් අසලංක – 19 (21)
ඇන්ජලෝ මැතිව්ස් – 16 (19)

පන්දු යැවීමේදී, Mustafizur Rahman ලකුණු 17කට කඩුලු 3ක් හා Rishad Hossain ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර, Taskin Ahmed කඩුලු 2ක් හා Tanzim Hasan Sakin එක් කඩුල්ලක් බිඳ දැමුවා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කළ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Towhid Hridoy පන්දු 20කදී වේගවත් ලකුණු 40ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් තුශාර පන්දුවාර 4 අවසානයේදී ලකුණු 18කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර, වනිඳු හසරංග කඩුලු 2ක් ද, මතීෂ හා දනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබුවා.

ශකිබ් අල් හසන් දවාගැනීමට මහීශ් තීක්ශන රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button