උගණ්ඩා කණ්ඩායමෙන් ලෝක කුසලාන වාර්තාවක්.. -
Match Results

උගණ්ඩා කණ්ඩායමෙන් ලෝක කුසලාන වාර්තාවක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 18 වන තරඟය උගණ්ඩා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී ලකුණු 134 ක දැවැන්ත ජයකින් මෙවර ලෝක කුසලානයේ දෙවන ජය වාර්තා කිරීමට කොදෙව්වන් සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 173 ක් වාර්තා කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජොන්සන් චාර්ල්ස් ලකුණු 44 ක් රැස්කළා.

ලකුණු 174 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි උගණ්ඩා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 39 ක් පමණයි. මෙය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ලෝක කුසලානයකදී කණ්ඩායමක් දැවීගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ නෙදර්ලන්තය සමඟින් සමතැන් ගනිමින්.

විස්සයි විස්ස ලෝක කුසලානයකදී කණ්ඩායම් දැවීගිය අවම ලකුණු පහතින්..

  • Uganda 39 vs West Indies ( Guyana, June 09, 2024 )
  • Netherlands 39 vs Sri Lanka (Chattogram, March 24, 2014)
  • Netherlands 44 vs Sri Lanka (Sharjah, October 22, 2021)
  • West Indies 55 vs England (Dubai, October 23, 2021)
  • Uganda 58 vs Afghanistan (Guyana, June 4, 2024)

කොදෙව්වන් වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරත වූ අකීල් හොසේන් සිය පන්දුවාර 04 තුළ ලකුණු 11 කට කඩුලු 05 ක් බිඳදැමුවා. ( අකීල් හොසෙන්ගේ සුපිරි පන්දුයැවීම පහතින් නැරඹිය හැකියි )

අකීල් හොසේන්ගෙ සුපිරි පන්දුයැවීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button