අපිට සුපිරි 8 ට යන්න බැරිවුණේ කන්ඩිශන්වලට හුරුවෙන්න බැරිවුණු නිසා – මහීශ් තීක්ශණ -
Conference

අපිට සුපිරි 8 ට යන්න බැරිවුණේ කන්ඩිශන්වලට හුරුවෙන්න බැරිවුණු නිසා – මහීශ් තීක්ශණ

ශ්‍රී ලංකා – නේපාල තරඟය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟින් මෙවර විස්සයි විස්ස ලෝක තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීශ් තීක්ශණ මාධ්‍යට අදහස් දක්වා තිබුණා.

” අපේ කණ්ඩායමේ දක්ශතා එක්ක බලද්දි අපි ක්‍රීඩාකරපු විදිහ ගැන මම කිසෙසේත්ම සෑහීමකට පත්වෙන්නෙ නෑ. තරඟාවලියට එන්න කලින් අපි හොඳ මානසිකත්වයක හිටියා. අපේ බෝලින් බැටින් දෙකම හොඳට තිබුණා. කලින් තිබුණු තරඟාවලි ජයග්‍රහණය කරල තමයි අපි මේ තරඟාවලියට ආවෙ. කණ්ඩායමක් විදිහට අපි අතින් ගොඩක් වැරදි වුණා. ක්‍රීඩා කරපු තරඟ දෙකේදීම අපිට කන්ඩිශන්වලට හුරු වෙන්න බැරිවුණා. ඒකයි අපිට සුපිරි 8 දෙනාගේ වටයට යන්න බැරිවුණේ. “

යනුවෙන් මහීශ් තීක්ශණ ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button