ක්‍රීඩකයින්ට බැනීම ගැන හදවතේ තියෙන්නෙ දුකක් – හරීන් ප්‍රනාන්දු -
Conference

ක්‍රීඩකයින්ට බැනීම ගැන හදවතේ තියෙන්නෙ දුකක් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණදී තිබෙන තත්වය පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩකයින්ව සාධාරණය කර තිබුණා.

” දැන් බැලුවොත් වනිඳුටත් වඩා හොඳට ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෝ මාධ්‍යවේදියො ලංකාවෙ විශාල වශයෙන් බිහිවෙලා තියෙනවා. මේ වගේ කීබෝර්ඩ් වීරයන් කියන විදිහට ක්‍රිකට් වෙනස්කරන්න ගියොත් ක්‍රිකට් ටීම් එක සතිපතා වෙනස් කරන්න වෙයි.

මම දන්නවා සමහර හැලිච්ච ක්‍රීඩකයො සෝශල් මීඩීයා අල්ලගෙන තමන් එක්ක සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ට මඩගහගෙන යනවා. විනය කියන එක මේ ක්‍රීඩකයන්ගෙ විතරක් නෙමෙයි සෝශල් මීඩියා කාරයන්ගෙත් නෑ. කුණු ඇඳ ඇඳ ප්‍රශ්ණ ඇතිකරලා ක්‍රීඩකයන් අතර තරහ අවුස්සන්නෙත් ශෝසල් මීඩීයා. ඒකයි මම කිව්වෙ ටුවර් එකක් යනකොට සෝශල් මීඩීයා නොබලා හිටපන් කියලා. ඒ කිව්වෙ මම දැනගෙන හිටියා මැච් දෙකක් පැරදුනොත් මේ සම්බුව කන්න වෙනවා කියලා.

සනත් ජයසූරියටත් දැන් බනිනවා. කවුරුත් මේක භාරගත්තෙ නැතිවෙලාවෙ ඒ මිනිස්සු මේක භාරගත්තට පස්සෙ ටී.වී එකට ඇවිල්ල චරිත ටෝල්ක් දෙන උන් ටිකකුත් ඉන්නවා. ඒගොල්ලන්ටත් මතක්කරන්නෝනෙ ඉසසර අඬගහලා ආරාධනා කරාම අපි දෙන ඒවා ගන්න කැමති නෑ එයාල ඉල්ලන ඒවා දුන්නොත් විතරයි ගන්නෙ. ඊටපස්සෙ මැච් පැරදුනාම මීඩියාවලට ගිහිල්ල ලොකු ටෝල්ක් දෙනවා. මට මතකයි ඔය සමහර කෑගහන ක්‍රීඩකයන්ටත් ” තමුසෙ ඇති දැන් යනවා ” කියලා කියපු කාලෙකුත් තිබුණා. ඔක්කොමලා චණ්ඩි වගේ හැම මැච් එකම 100 ය ගහපු අය නෙමෙයි. එකදිගට බින්දු පහක් ගහපු අයත් ඉන්නවා.

ක්‍රීඩකයන්ට බැනීම ගැන හදවතේ තියෙන්නෙ දුකක්. මෙ ක්‍රීඩකයො ලෝක කුසලානෙ තාමත් සෙල්ලම් කරනවා. කණ්ඩායමක් පැරදිලා හරි සමහර විට අපිට පොඩි අවස්තාවක් එන්න පුලුවන්. එහෙම නෙමෙයි දැන් වරෙල්ලා, දැන් ගංවතුර මෙහෙට වරෙන් කියලා කියන ජාතියක් වීම ගැන මට ලොකු කණගාටුවක් තියෙනවා. “

යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button