ශ්‍රී ලංකා කණ්ඩායමට ගංවතුරෙන් බාධා.. -
All News

ශ්‍රී ලංකා කණ්ඩායමට ගංවතුරෙන් බාධා..

අමෙරිකාවේ ෆ්ලෝරීඩාවලට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජල ගැලීම් තත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩාවලින් පිටත්ව යාමට නොහැකි වී තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුව ඇත්තේ හෙට දිනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button