අවසන් පන්දුවේදී නේපාලයට ඓතිහාසික ජයක් මඟහැරෙයි.. -
Match Results

අවසන් පන්දුවේදී නේපාලයට ඓතිහාසික ජයක් මඟහැරෙයි..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නේපාලය සහ දකුණු අප්‍රිකාව අතර තරඟය අද (15) පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවේදී එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් මූලික වටයේ තරඟ හතරම ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 115 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 43 ක් රැස්කළ අතර නේපාලය වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ Kushal Bhurtel ලකුණු 19 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාල කණ්ඩායම අවසන් පන්දුව තෙක් තියුණු තරඟයක් ලබාදුන් අතර අවසන් පන්දුවේ දුර්වල කඩුලු අතර දිවයාම හේතුවෙන් තරඟයේ ජය දකුණු අප්‍රිකාවට හිමිවුණා. නේපාල ඉනිම වෙනුවෙන් Aasif Sheikh ලකුණු 42 ක් රැස්කළ අතර පන්දුයැවීමේදී විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ තබ්රේස් ශැම්සි ලකුණු 19 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

අවසන් මොහොතේ නේපාලයට ජය අහිමි වූ අවසන් පන්දුවාරය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button