මූලික වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට.. -
Uncategorized

මූලික වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. එම අවස්තාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවල ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග මෙලෙසින් පිළිතුරු ලබාදුන්නා..

” අපි ලංකාවෙන් ගියේ මේ තරඟාවලිය මෙහෙම ඉවරකරලා එන්න නෙමෙයි අපිට ඕනෙ වුණේ ජයග්‍රහණය කරලා එන්න නමුත් අපේ අතින් වුණු වැරදි නිසා අපිට හොඳින් ඉවරකරන්න බැරිවුණා. අපි මේ විදිහට පරාජය වුණු එක ලෝක කුසලානයක හොඳ දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වැරදි හදාගෙන හොඳින් ක්‍රීඩාකරන්න.”

මාධ්‍යවේදියා – හැබැයි තව අවුරුදු හතරක් යයි වැරදි හදන්න ?

වනිඳු :- නෑ ඔයා හොයලා බලන්න තව අවුරුදු දෙකකින් අපිට T20 වර්ල්ඩ් කප් එකක් තියෙනවා ලංකාවෙ සහ ඉන්දියාවේ. ඒකට සූදානම් වෙන්න තමයි අපේ බලාපොරොත්තුව..

මාධ්‍යවේදීන් :- කණ්ඩායම වෙනස් විය යුතු ද ?

වනිඳු – තරඟාවලියක් පරාජය වුණා කියලා මන් හිතන්නෑ කණ්ඩායමක් වෙනස්වෙන්නෝනෙ කියලා. ඉන්න කණ්ඩායම හොඳට සෙල්ලම් කරානම් අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුලුවන්. අපි ක්‍රීඩකයො විදිහට හොඳින් ක්‍රීඩාකළේ නැතිනිසයි තරඟාවලිය මෙහෙම පරාජය වුණේ.

මාධ්‍යවේදීන් – ඔබතුමාල හිතුවද පළවෙනි වටයෙන්ම ඉවත්වෙන්න වෙයි කියලා

වනිඳු – එහෙම හිතාගෙන අපි කවදාවත් ටූර්නමන්ට් එකකට යන්නෑ. අපේ අරමුණ තිබ්බෙ තරඟාවලිය ජයග්‍රහණය කරන්න.

මාධ්‍යවේදීන් – ඔබතුමාලට මේපාර මුදලුත් වැඩිකරලා තිබ්බ නේද ?

වනිඳු – ඔව් ඔව් ඔව්. තරඟ ජයග්‍රහණය කරොත් වැඩිකරලා තිබ්බ. තරඟ පරාජය වුණත් ඒ ගානම තිබ්බ. තරඟ ජයග්‍රහණය කරොත් තමා වැඩිකරලා තියෙන්නෙ ඒ අපිව තරඟ ජයග්‍රහණය කරන්න තව උනන්දු කරන්න.

මාධ්‍යවේදීන් – තව කොච්චර කාලයක් යයිද මේ අඩුපාඩු හදාගෙන ඉදිරියට කණ්ඩායමක් අරන් යන්න.

වනිඳු – මෙහෙමයි අපි අතින් වෙන සුලු සුලු වැරදි නිසා තරඟ පරාජය වෙන්නෙ. අපි බලන්නෝනෙ හැම ක්‍රීඩකයෙක් අතින්ම වෙන අඩුපාඩු ටික හදාගෙන ඊලඟ තරඟයට එනකොට ඒ අඩුපාඩු නොකර ඉන්න.

මාධ්‍යවේදීන් – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමනම් ඉදිරියටම යනවා පිරිමි කණ්ඩායම තමා පසුබෑමකට ලක්වෙලා තියෙන්නෙ.

වනිඳු – ඉතින් අපි බලනවා අපි හිතලා තරඟ පරාජය වෙන්නෑ. ඔයත් මාධ්‍යවේදියෙක්. ඔයත් ඒක දන්නව ඇති. සමාජ මාධ්‍ය කියනඑකට මන් උත්තර දෙන්න කැමති නෑ. ඒක එක්තරා පිරිසක් විසින් රීච් වැඩිකරගන්න පේජ් හදාගෙන කරන දෙයක්. සමහර ක්‍රිකට් ක්‍රීඩකයොත් ඒවට සම්බන්ධයි කියලා අපි දන්නවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button