මූලික වටෙයෙන්ම ඉවතට විසිවූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ඉවතට.. -
All News

මූලික වටෙයෙන්ම ඉවතට විසිවූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ඉවතට..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දැරූ කේන් විලියම්සන් එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එලෙසම ඔහු 2024-25 සඳහා වන නවසීලන්ත මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් එක්දින තරඟ 91 කට සහ විස්සයි විස්ස තරඟ 75 කට නායකත්වය ලබාදී තිබෙන අතර 2019 එක්දින ලෝක කුසලානයේ සහ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරතාවය කරා සිය කණ්ඩායම රැගෙනයාමට විලියම්සන් සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button