මෙවර ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය කමින්ස්ගෙන්.. -
Video

මෙවර ලෝක කුසලානයේ පළමු කඩුලු ත්‍රිත්වය කමින්ස්ගෙන්..

( වීඩියෝව පහතින් ) මෙවර ලෝක කුසලානයේ Group 1 කාණ්ඩයේ බංග්ලාදේශය සහ ඕස්ටේලියාව අතර තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 140 ක් රැස්කළා. බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් සන්ටු ලකුණු 41 ක් සහ තව්හිඩ් රිදෝයි ලකුණු 40 ක් රැස්කළා.

ඕස්ටේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ පැට කමින්ස් ලකුණු 29 කට කඩුලු තුනක් බිඳදැමුවේ මෙවර ලෝක කුසලානයේ වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයද සමඟින්. ඒ සඳහා ඔහු ඔහමදුල්ලාහ්, මහෙදි හසන් සහ ටව්හිඩ් රිදෝයිගේ කඩුලු පිළිවෙලින් දවාගත්‍තා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

පැට් කමින්ස් දවාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button