සියලු වැරදි ක්‍රීඩකයින්ට පටවමින් අත පිහිදාගත් ශම්මි… -
Conference

සියලු වැරදි ක්‍රීඩකයින්ට පටවමින් අත පිහිදාගත් ශම්මි…

අවමන් සහගත ලෙස 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. කොළඹ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මේ පිළිබඳව අදහස පලකළා.

” වර්ල්ඩ් කප් එකේ අපේ ටීම් එක සුපර් 8 එකේ නෑ. අපි සුපර් 8 එකේ නැතිවුණාට අපි එයාලට දෙන්න පුලුවන් ඉහළම පහසුකම් දීලා තියෙනවා අනෙත් ලෝකෙ ක්‍රිකට් සංගම් එක්ක බලනකොටයි ක්‍රීඩකයො එක්ක බලනාකොටයි.

අපි නෙමෙයි එතන ගිහිල්ල මුහුණ දෙන්නෙ. ගොඩක් තැන්වල මගේ අම්මවත් මතක් කරලා බැනලා තියෙනවා හරියට මම ගිහිල්ල ගැහුව්ව වගේ. මම ගියානම් සමහරවිට ඔය වගේ ඩිශිශන් ගන්නෙ නෑ. අපිත් පුදුමවෙනවා සමහර වෙලාවට ගත්ත ඒ ඩිශිශන් ගැන. “

යනුවෙන් ශම්මි සිල්වා සිය අදහස් ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button