ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්.. -
Match Results

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්..

( වීඩියෝ පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය අද පැවැත්වුණු අතර ලකුණු 21 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 148 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රහ්මනුල්ලහ් ගුර්බාස් පන්දු 49 කින් ලකුණු 60 ක් රැස්කළ අතර ඊබ්‍රහිම් සද්රාන් පන්දු 48 කින් ලකුණු 51 ක් රැස්කළා.

ලකුණු 149 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 127 ක් පමණයි. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 59 ක් රැස්කළ අතර ඔහුගේ කඩුල්ල දවාගනිමින් තරඟය ඇෆ්ගනිස්තානයට වෙතට රැගෙන ඒමට ගුල්බඩීන් නයිබ් සමත්වුණා.

ස්ටොයිනිස්, ටිම් ඩේවිඩ්, මැක්ස්වෙල් සහ කමින්ස්ගේ කඩුලු දවාගනිමින් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරා රැගෙනයමින් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ගුල්බඩීන් නයිබ් ලකුණු 20 කට කඩුලු 04 ක් බිඳදැමුවා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ඔහුට නොදෙවෙනි පන්දුයැවීමක නිරතවූ නවීන් උල්-හක් ලකුණු 20 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර ඒ අනුව ඇෆ්ගනිස්තානය ඓතිහාසික ජයග්‍රාහණයක් වාර්තා කිරීමට සමත්වුණා. ( එම අවස්තාව පහතින් )

ඇෆ්ගනිස්තානය ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළ මොහොත ( වීඩියෝ දර්ශණ )

ගුල්බඩීන් නයිබ්ගේ සුපිරි පන්දුයැවීම ( වීඩියෝ දර්ශණ

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button