පැට් කමින්ස්ගෙන් ලෝක වාර්තාවක්.. -
Records

පැට් කමින්ස්ගෙන් ලෝක වාර්තාවක්..

( වීඩියෝව පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද පැවැත්වුණු අතර පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා.

කෙසේනමුත් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ඕස්ටේලියා වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සමත්වුණා. ඒ 18 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සහ 20 වන පන්දුවාරයේ පළමු පන්දු දෙක තුළ පිළිවෙලින් රශීඩ් ඛාන් , කරීම් ජානට් සහ ගුල්බඩීන් නයිබ්ගේ කඩුලු දවාගනිමින්.

මෙය පැට් කමින්ස් මෙවර ලෝක කුසලානයේ පිට පිට වාර්තා කළ දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර බංග්ලාදේශය එරෙහිව පසුගිය තරඟයේදී ද පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා.

පැට් කමින්ස් වාර්තා අතරට එක්වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්ව දෙකක් වාර්තා කළ ලොව පළමු සහ එකම පන්දුයවන්නා ලෙසයි.

මීට පෙර 1999 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී ඉනිම් දෙක තුළදී කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා කිරීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්රම් සමත්වී තිබුණා.

පැට් කමින්ස් ඇෆ්ගනිස්තානයට එරෙහිව දවාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button