ලසිත් මාලිංගගේ වාර්තාවක් මිචෙල් ස්ට්‍රාර්ක් පසුකර යයි.. -
Records

ලසිත් මාලිංගගේ වාර්තාවක් මිචෙල් ස්ට්‍රාර්ක් පසුකර යයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර නිමාවූ තරඟයේදී ලකුණු 21 කට එක් කඩුල්ලක් දවාගැනීමට මිචෙල් ස්ට්‍රාර්ක් සමත්වුණා.

මෙම කඩුල්ලත් සමඟින් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතුව තිබූ වාර්තාවක් තමා සතුකරගැනීමට මිචෙල් ස්ට්‍රාක් සමත්වුණා.

ඒ විස්සයි විස්ස ලෝක කුසලාන සහ එක්දින ලෝක කුසලාන තරඟාවලි තුළදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් වාර්තා කළ පන්දුයවන්නා ලෙසයි. මේ වනවිට මිචෙල් ස්ට්‍රාක් ඉනිම් 52 කදී කඩුලු 95 කට හිමිකම් කියන අතර ලසිත් මාලිංග ඉනිම් 59 කදී කඩුලු 94 කට හිමිකම් කියනවා. මෙමෙ ලැයිස්තුවේ තෙවන ස්තානය හිමිව ඇත්තේ ඉනිම් 75 කදී කඩුලු 92 ක් වාර්තා කර තිබෙන බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ටයි.

  • Mitchell Starc | 95* Wickets
  • Lasith Malinga | 94 Wickets
  • Shakib Al Hasan | 92* Wickets

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button