ඕස්ට්‍රේලියාවට ලකුණු 206 ක දැවැන්ත ඉලක්කයක්.. -
Innings Report

ඕස්ට්‍රේලියාවට ලකුණු 206 ක දැවැන්ත ඉලක්කයක්..

( වීඩියෝ පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ තීරණාත්මක තරඟයක් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 205 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ඕස්ට්‍රේලියා පන්දුයවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කළ රොහිට් ශර්මා පන්දු 41 කදී හතරේ පහර 07 ක් සහ හයේ පහර 08 ක් සමඟින් ලකුණු 92 ක් රැස්කළ අතර සුපිරි යෝකර් පන්දුවකින් ඔහුගේ ඉනිම නිමාකිරීමට මිචෙල් ස්ට්‍රාක් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රොහිට් ශර්මාගේ ඉනිම නිමාකළ ස්ට්‍රාක්ගේ සුපිරි යෝකර් පන්දුව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button