කොදෙව්වන් පරදවමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට.. -
Match Results

කොදෙව්වන් පරදවමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට..

( වීඩියෝ පහතින් ) 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තීරණාත්මක තරඟය අද පැවැත්වුණා. වර්ශාව හේතුවෙන් සීමාකළ තරඟයේදී උණුසුම් තරඟයකින් අනතුරුව කඩුලු 03 ක ජයක් වාර්තා කරමින් සුපිරි අට වටයේ තරඟ තුනම ජයගත් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයේ සිය ස්තානය වෙන්කරවා ගැනීමට සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 135 -8 කට සීමාකිරීමට තබ්රේස් ශැම්සි ප්‍රමුඛ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රොස්ටන් චේස් ලකුණු 52 ක් රැස්කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ තබ්රේස් ශැම්සි ලකුණු 27 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

වර්ශාව හේතුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 17 කදී ලකුණු 123 ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 16 යි එක් පන්දුවකදී එම ඉලක්කය හඹායමින් දකුණු අප්‍රිකාව තියුණු ජයක් වාර්තා කළා.

කෙසේවෙතත් අවසන් පන්දු 07 තුළ දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 09 ක් අවශ්‍ය වූ අතර පිළිවෙළින් හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් දකුණු අප්‍රිකා ජය තහවුරු කිරීමට රබාඩා සහ යැන්සන් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රබාඩා සහ යැන්සන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අවස්තාව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button