ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට.. -
Match Results

ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට..

( වීඩියෝ පහතින් ) මෙවර ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ අවසන් තරඟය අද බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණා. මෙම තරඟය කණ්ඩායම් තුනකට තීරණාත්මක වූ අතර තියුණු තරඟයකින් අනතුරුව බංග්ලාදේශය පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 115 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රහ්මනුල්ලහ් ගුර්බාස් ලකුණු 43 ක් වාර්තා කළා.

වරින් වර වර්ශාවෙන් බාධාවීම හේතුවෙන් බංග්ලාදේශයට පන්දුවාර 19 කදී ලකුණු 114 ක ඉකක්කයක් හිමිවුණත් රශීඩ් ඛාන්, නවීන් උල් හක් ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන පන්දුයවන්නන්ගේ විශිෂ්ට පන්දුයැවීමත් සමඟින් සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 105 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ රශීඩ් ඛාන් ලකුණු ලකුණු 23 කට කඩුලු 04 ක් බිඳදැමූ අතර නවීන් උල් හක් ලකුණු 26 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

පිට පිට පන්දු දෙකක් තුළදී බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු දෙක දවාගනිමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත සංධිස්ථානයක් පසුකිරීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කළ මොහොත ( වීඩියෝ දර්ශණ )

තරඟයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සිදුවීම වූයේ තරඟයට වර්ශාවෙන් බාධා වූ අවස්තාවක ඩක්වර්ත් ලුවිස් ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවට බංග්ලාදේශයට වඩා ලකුණු 02 ක් ඉදිරියෙන් සිටි අවස්තාවේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් ලබාදුන් සංකේතයකට අනුව ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ගුල්බඩීන් නයිබ් සිය කකුල අල්ලාගනිමින් බිම ඇඳවැටුණු අයුරුයි. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ගුල්බඩීන් නයිබ් කකුල අල්ලාගනිමින් බිම ඇඳවැටුණු අවස්තාව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button