ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට.. -
Match Results

ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට..

( වීඩියෝ පහතින් ) මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ තීරණාත්මක තරඟයක් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (24 ) පැවැත්වුණු අතර ඕස්ටේලියාව පරාජයට පත්කරමින් ලකුණු 24 ක ජයක් වාර්තා කළ ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 205 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වුණා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ඕස්ට්‍රේලියා පන්දුයවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කළ රොහිට් ශර්මා පන්දු 41 ලකුණු 92 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ටේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 181 ක් පමණයි. ඕස්ටේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ට්‍රැවිස් හෙඩ් පන්දු 43 කින් ලකුණු 76 ක් රැස්කළා.

ඕස්ටේලියා නායක මිචෙල් මාර්ශ්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන් සුපිරි උඩපන්දුවක් රැකගැනීමට අක්ශාර් පටෙල් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

අක්ශාර් පටෙල් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button