පුහුණු උපදේශක ධූරයෙන් මහේල ඉවත් වෙයි.. -
All News

පුහුණු උපදේශක ධූරයෙන් මහේල ඉවත් වෙයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන්ම අවමන් සහගත ලෙස ඉවත්වීමට සිදුවුණා.

මෙම වාතාවරණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදී ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.

එලෙසම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ක්‍රිස් සිල්වර්වූඩ් මහතාද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button