අවසන් මහා තරඟයේදීත් විරාත් කෝලි ක්‍රීඩා කරාවි ද ??- රොහිට් ශර්මා ගෙන් ප්‍රකාශයක්.. -
All News

අවසන් මහා තරඟයේදීත් විරාත් කෝලි ක්‍රීඩා කරාවි ද ??- රොහිට් ශර්මා ගෙන් ප්‍රකාශයක්..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය පරාජයට පත්කරමින් වසර 10 කට පසු විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබීමට රොහිට් ශර්මා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

කෙසේවෙතත් සුපිරි පිතිකරු විරාත් කෝලි හට මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මෙතෙක් කිසිම තරඟයකදී සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නෑ. තරඟයෙන් අනතුරුව මේ පිළිබඳව ඉන්දීය නායකයාගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් රොහිට් ශර්මා ප්‍රකාශ කර සිටියේ අවසන් මහා තරඟයේදීත් කෝලි ක්‍රීඩා කරනු ඇති බවයි.

කෝලි විශිෂ්ට ක්‍රීඩකයෙක්. තීරණාත්මක තරඟවල ඔහු විශිෂ්ට දස්කම් දක්වනවා. ඔහු අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරාවි.. මම ඔහුව බැක් කරනවා..

යනුවෙන් රොහිට් ශර්මා ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button