එල්.පී.එල් තරඟාවලියට නවනීතියක්.. පවර් බ්ලාස්ට් ලෙසින් අමතර පන්දුවාර දෙකක්.. -
All News

එල්.පී.එල් තරඟාවලියට නවනීතියක්.. පවර් බ්ලාස්ට් ලෙසින් අමතර පන්දුවාර දෙකක්..

2024 LPL තරඟාවලිය ජූලි 01 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරඟාවලියේ පළමු තරඟ කිහිපය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර LPL තරඟාවලිය සඳහා නවනීතියක් හඳුන්වා දීමට තරඟ සංවිධායකින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව Power Blast නමින් සෑම කණ්ඩායමකටම අමතර පවර්ප්ලේ පන්දුවාර 02 ක් ලබාදෙමින්. ඒ අනුව සෑම කණ්ඩායමකටම මෙම පවර්ප්ලේ පන්දුවාර දෙක 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී ලබාදෙන අතර Power Blast පන්දුවාර දෙක තුළ යාර 30 හේ සීමාවෙන් එපිට ක්‍රීඩකයින් හතර දෙනෙක් පමණක් රැඳවීමට අවසර ලබාදී තිබෙනවා.

Power Blast පවර්ප්ලේ පන්දුවාර දෙක ඉනිමේ පළමු පන්දුවාර 06 තුළ ලැබෙන සම්ප්‍රදායික පවර්ප්ලේ අවස්තාවට අමතරව ලැබෙන අතර මෙය පිතිකරුවන් හට වඩාත් වාසිදායක වනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button