ක්‍රිකට් පිටියෙන් සමුගත් වෝනර්ගෙන් යොවුන් ප්‍රහාරකයාට පණිවිඩයක්.. -
All News

ක්‍රිකට් පිටියෙන් සමුගත් වෝනර්ගෙන් යොවුන් ප්‍රහාරකයාට පණිවිඩයක්..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේදී ඕස්ටේලියා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණා.

ඒත් සමඟින් ඕස්ටේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වූ ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස පිටියට සමුදුන් අතර ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ නිමාව සනිටුහන් වුණා.

ඩේවිඩ් වෝනර් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ස්තානය වෙනුවෙන් යොවුන් ප්‍රහාරාත්මක පිතිකරු ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් පිළිබඳව ඕස්ටේලියාව බලාපොරොත්තු තබා තිබෙන අතර සමුගැනීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරියක් හරහා ජේක් ෆ්‍රැශර් මැක්ගර්ක් වෙනුවෙන් සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ ” දැන් හැම දෙයක්ම ඔබේ, ශූරයා… ” යනුවෙන්..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button