සිය හොඳම ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දීමනා.. -
All News

සිය හොඳම ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දීමනා..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශය සමත්වූ අතර එහිදී සහභාගී වූ තරඟ තුනම පරාජයට පත්වීමට බංග්ලාදේශයට සිදුවුණා. කෙසේවෙතත් සුපිරි අට වටයේ මුහුණදුන් අවසන් තරඟයේදීත් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා බංග්ලාදේශයට අවස්තාවක් තිබුණත් එම අවස්තාවත් ඔවුන්ට සාර්ථක කරගැනීමට හැකිවුණේ නෑ.

කෙසේ නමුත් බංග්ලාදේශ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා වන නස්මුල් හසන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ලෝක කුසලානය ඔවුන්ගේ සාර්ථකම ලෝක කුසලාන තරඟාවලිය ලෙසයි. එලෙසම ලෝක කුසලානයට සහභාගී වූ ක්‍රීඩකයින්ට දීමනා ලබාදෙන බවද ඔහු පවසා තිබෙනවා.

මෙය අපගේ සාර්ථකම ලෝක කුසලාන තරඟාවලියයි.. අනිවාර්යයෙන්ම ක්‍රීඩකයින්ට දිමානාවක් ලැබේවි…

යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button